මහජන ඉඩම් කොමිෂන් වාර්තාවට පිවිසුමක් - මහජන ඉඩම් කොමිසම පිහිටවූයේ ඇයි?

ඉඩම් භාවිතය හා පාලනය පිළිබද අයිතිය යනු ආර්ථික ස්ථාවරභාවය තහවුරු කිරිම පිළිබද සාධකයක් පමණක්ම නොවේ. එය අයෙකුගේ අනන්‍යතාවය, ගරුත්වය හා සමාජ පදනම නියෝජනය කිරිමේ සංකේතයකි. එම නිසාම දේශපාලන අභිමතාර්ථයන් හැසිරවීම සදහා ඉඩම් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන් හි දි ගන්නා ලැබූ තීන්දු ඉතිහාසය පුරා ශ්‍රි ලංකාව මුහුණ දුන් විවිධාකාරයේ ගැටුම් සදහා ද හේතුවක් විය.

ජනතා හිතවාදී ඉඩම් ප්‍රතිපත්තියක අවශ්‍යතාවය දැන් වඩාත් තීව්‍රව දැනෙමින් පවතී. ඉඩම් සම්බන්ධ ප්‍රතිපත්ති හා තීන්දු හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවගේ උවමනාවන් හා යථාර්ථයන් මත පදනම් වෙමින් ජනතා හිතවාදී ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරිම උදෙසා වන මගපෙන්වීම් මාලාවක් ජනතා ඉඩම් කොමිසම මගින් ඉදිරිපත් කර තිබේ.

ක්‍රියාවලිය

පවතින ඉඩම් ප්‍රතිපත්ති, නීති හා පරිපාලන ක්‍රමවේදයන් හේතුවෙන් ප්‍රජාව මුහුණ දෙන ගැටළු හා බලපෑම් පිළිබද අධ්‍යයනය කිරිම සදහා 2019 දී ජනතා ඉඩම් කොමිසම පිහිටුවන ලදී. ප්‍රතිපත්ති සකස් කිරිමේ ක්‍රියවලිය තුළ දිගින් දිගටම ජනතා අවශ්‍යතාවයන් නොසලකා හැරීම පිළිබදව මෙම සහභාගිත්ව ක්‍රියාවලිය තුළ දී අවධානය යොමු කරන ලදී. මහජන ඉඩම් කොමිසම ක්‍රියාධරයින්, විද්වතුන්, පර්යේෂකයින් හා නීතිඥයින් 11 දෙනෙකුගෙන් සමන්විත විය. අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකළපුව, කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, හැටන්, යාපනය, කිළිනොච්චි, මන්නාරම, මොණරාගල, මුලතිව්, මාතර, පොළොන්නරුව, ත්‍රිකුණාමළය හා වවුනියාව යන දිස්ත්‍රික්ක 18 ක 885 දෙනෙකු සමග මහජන ඉඩම් කොමිසම සාකච්ඡා කරන ලදී.

මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මූලික ක්ෂේත්‍ර 5 කට අදාලව මහජන ඉඩම් කොමිසම සොයාගැනීම් හා නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

1. භුක්තිය අහිමි කරවීම

2. ජීවනෝපායන් හා සමාජ ආරක්ෂණය අහිමි කරවීම

3. පාරිසරික විනාශය

4. අන්‍යතාවය වියැකීම

5. ඉඩම් භුක්තිය, හිමිකම හා මානව ආරක්ෂාව පිළිබද කාන්තාවන්ගේ අරග


මෙතැන් සිට මහජන ඉඩම් කොමිෂන් වාර්තාවේ සාරාංශයක් කොටස් වශයෙන් අප වෙබ් අඩවිය හරහා පළවේ.

Video : මොකක්ද මේ මහජන ඉඩම් කොමිෂන් වාර්තාව කියන්නේ ?